ඇඩම් මිල්න් යුරෝපා සංචාරයෙන් ඉවතට

Date:

ආබාධයක් හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න්ට යුරෝපා තරග සංචාරයේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා.

අයර්ලන්තයේ දී පුහුණුවීම්වල නිරත වෙමින් සිටියදී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ඔහු යළි සිය රට බලා පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ.

ඔහු වෙනුවට Jacob Duffy නවසීලන්ත 20යි 20 සංචිතයට නම් කිරීමට නවසීලන්ත තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

අයර්ලන්තය හා නවසිලන්තය අතර තෙවැනි එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇති අතර, පසුව නවසීලන්ත කණ්ඩායම ස්කොට්ලන්තයට එරෙහිව 20යි 20 තරග දෙකක් හා එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව නෙදර්ලන්තයට එරෙහිව ද නවසීලන්ත කණ්ඩායම 20යි 20 තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Updated squad:

Mitchell Santner (c), Finn Allen, Michael Bracewell, Mark Chapman, Dane Cleaver (wk), Jacob Duffy, Lockie Ferguson, Martin Guptill, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Michael Rippon, Ben Sears, Ish Sodhi, Blair Tickner

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...