පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(14) ප්‍රකාශයට පත් කෙරුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම හා ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් මෙම සංචිතය සදහා නම් කර නැහැ.

එම තරගාවලියේ දෙවැනි තරගයේ දී කඩුලු 12ක් දවා ගනිමින් වාර්තාගත දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය පාකිස්තානයට එරෙහි සංචිතයට ඇතුළත්.

යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද සංචිතයේ ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

පළමු ටෙස්ට් තරගය එළඹෙන 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

Dimuth Karunaratne (C), Pathum Nissanka, Oshada Fernando, Angelo Mathews, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis, Niroshan Dickwella (Wk), Dinesh Chandimal (Wk), Ramesh Mendis, Maheesh Theekshana, Kasun Rajitha, Vishwa Fernando, Asitha Fernando, Dilshan Madushanka, Prabath Jayasuriya, Dunith Wellalage, Jeffrey Vandersay

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...