පාකිස්තානය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැති තෙදින පුහුණු ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

තරගයේ තෙවැනි හා අවසන් දිනය බදාදා(13) අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 178ක් ලබා සිටියා.

අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 63ක්, ඉමාම් උල් හක් ලකුණු 30ක් හා අසාර් අලී ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය හා ලක්ෂිත මනසිංහ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 323ක් ලබා ගත්තා.

බබාර් අසාම් ලකුණු 88 ක් , Agha Salman ලකුණු 55ක් හා අසාර් අලී ලකුණු 43 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ කඩුලු 4ක් දවා ගත් අතර, ලසිත් ඇඹුල්දෙණිය හා දිල්ෂාන් මධුෂංක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 375ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

සධීර සමරවික්‍රම ලකුණු 91ක් ද, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 78ක් ද, නිශාන් මදුෂ්ක ලකුණු 57ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉනිම ශක්තිමත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...