බුම්රා පන්දුවෙන් එක වෙද්දී දිමුත් හා චන්දිමාල් පිතිකරුවන් අතර ඉදිරියට

Date:

අයි.සී.සී නවතම එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(13) නිවේදනය කළා.

ඊට අනුව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා පන්දු යවන්නන් අතර පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ඒ, ඔහු එංගලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 19කට කඩුලු 6ක් දවා ගනිමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන්.

ඒ අනුව බුම්රා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට පැමිණෙමින් පළමු ස්ථානය හිමි කර ගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මේ අතර, නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම්වලට අනුව එහි පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 86 ක් රැස් කිරීමට දිමුත් සමත් වුණා.

එම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ දිනේෂ් චන්දිමාල් 29 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 19කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...