ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියට දකුණු අප්‍රිකාව බෑ කියයි ; ලෝක කුසලානයත් අවධානමේ

Date:

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයට අයත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා නොකිරීමට දකුණු අප්‍රිකාව තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුවයි එක්දින තරගාවලිය ජනවාරි 12 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණේ.

පසුගිය මාසයේ දී දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ එක්දින තරගාවලිය වෙනත් දිනයන්හී දී පැවැත්වීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක් සිදු කර තිබුණා.

ඒ, ජනවාරි මාසයේ දී නව 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සැලසුම් කිරීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාව එවැනි ඉල්ලීමක් සිදු කළ ද, ජාත්‍යන්තර තරග කාලසටහනට අනුව වෙනත් දිනයන් හී දී එක්දින තරගාවලිය පැවැත්වීමේ හැකියාවක් ලැබී නැහැ.

අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් මෙම එක්දින තරගාවලියෙන් ඉවත් වීමට දකුණු අප්‍රිකාව තීරණය කිරීමත් සමග එම තරගාවලියට අදාළව ලැබීමට නියමිත ප්‍රසාද ලකුණු ඔස්ට්‍රේලියාවට ප්‍රදානය කිරීමට ද දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාව මේ වන විට ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 11 වැනි ස්ථානයේයි.

ඒ අනුව 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට දකුණු අප්‍රිකා කණ්ඩායමට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් 8 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන අතර, සෙසු කණ්ඩායම් පහට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටවල් 5ක් ද සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...