නවසීලන්තයට කඩුලු 3ක ජයක් ; තරගාවලියේ ජයත් නවසීලන්තයට

Date:

අයර්ලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

Dublin හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 48 කදී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 216ක්.

ආරම්භක පිතිකරුවන් වූ පෝල් ස්ටර්ලින්ග් ලකුණු නොලබා දැවී ගිය අතර, නායක Andy Balbirnie ලකුණු 2යි.

George Dockrell ලකුණු 74 ක් රැස් කළා. Andy McBrine ලකුණු 28ක් හා Mark Adair නොදැවී ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි, මයිකල් බ්‍රේස්වෙල් හා මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 38.1 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මාර්ටින් ගප්ටිල් ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ෆින් ඇලන් ලකුණු 60ක්, නායක ටොම් ලේතම් ලකුණු 55ක් හා මයිකල් බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 42 ක් ලබා ගනිමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Mark Adair හා Simi Singh කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...