බුම්රාගේ කඩුලු 6 හා ෂර්මාගේ 76* ඉන්දියාවට කඩුලු 10ක පහසු ජයක් ගෙනෙයි

Date:

එංගලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(12) සමත් වුණා.

ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 25.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 110ක් පමණයි.

නායක ජොස් බට්ලර් ලකුණු 30ක්, ඩේවිඩ් විලී ලකුණු 21ක්, Brydon Carse ලකුණු 15ක් හා මොයීන් අලී ලකුණු 14ක් රැස් කළා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට අවස්ථාවක් ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ලැබුණේ නැහැ.

ජේසන් රෝයි, ජෝ රූට්, බෙන් ස්ටොක්ස් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා පන්දුවාර 7.2ක් තුළ ලකුණු 19කට කඩුලු 6ක් දවා ගනිමින් එංගලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කරනු ලැබුවා. මොහොමඩ් ෂාමි ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත් අතර, ප්‍රසිද් ක්‍රිෂ්නා ලකුණු 26කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 18.4 ක් අවසානයේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරුවන් වූ රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 76 (58) ක් හා ශිකර් ධවාන් නොදැවී ලකුණු 31 (54)ක් ලබා ගත්තා.

ෂර්මාගේ ඉනිම හයේ පහර 5කින් හා හතරේ පහර 7කින් වර්ණවත් වුණා.

එංගලන්තය අවසන් වරට එක්දින තරගයක් කඩුලු 10කින් පරාජයට පත්ව තිබුණේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දි ශ්‍රී ලංකාවට එරෙහිවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...