ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරගාවලියක් අද(11) නිමා වුණා.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය එලෙස නිමාව දුටුවේ තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට පත් වෙමින්.

දෙරට අතර අද නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිමක හා ලකුණු 39ක විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත් වීමත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූ ශ්‍රී ලංකාව මේ වන විට එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, 54.17 % ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මෙතෙක් ඔස්ට්‍රේලියාවට හිමිව තිබූ නමුත්, අද තරගයෙන් ලැබූ පරාජයත් සමග ඔවුන් දෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඔවුන්ට මේ වන විට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 70 % ක්.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මේ වන විට හිමිව ඇත්තේ 71.43 % ක ලකුණු ප්‍රතිශතයක් හිමිව ඇති දකුණු අප්‍රිකාවටයි.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...