චන්දිමාල්ගේ ද්විත්ව ශතකය හා ප්‍රභාත්ගේ කඩුලු 12 ශ්‍රී ලංකාවට ඉනිමක ජයක් ගෙන එයි

Date:

දිනේෂ් චන්දිමාල් නොදැවී වාර්තා කළ විශිෂ්ඨ ද්විත්ව ශතකය හා සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය කඩුලු 12ක් දවා ගනිමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 39 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය අවසන් වුණේ තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන්.

ගාල්ලේ පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 190 ක දැවැන්ත ඉලක්කයක් හිමිවූ නමුත්, ඔවුන්ට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් ලකුණු 24කටත්, උස්මාන් කවාජා ලකුණු 29කටත් දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මර්නස් ලබුෂේන් ලකුණු 32යි. ස්ටීවන් ස්මිත් ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණා. කැමරන් ග්‍රීන් ලකුණු 23 ක් රැස් කළා. පැට් කමින්ස් ලකුණු 16කට දැවී ගිය අතර, ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 16යි.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී ද කඩුලු 6ක් දවා ගත් ප්‍රභාත් ජයසූරිය දෙවැනි ඉනිමේ දී ද ලකුණු 59කට කඩුලු 6ක් බිද හෙලුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ තරගයේ දී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

මහීෂ් තීක්ෂණ හා රමේෂ් මෙන්ඩිස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 431 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 554 ක්.

SLC

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ දිනේෂ් චන්දිමාල් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරමින් පන්දු 326 කින් ලකුණු 206 ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 5ක් හා හතරේ පහර 16 ක් ඔහුගේ විශිෂ්ඨ ඉනිම වර්ණවත් කළා. මෙය ශ්‍රී ලංකා පිතිකරුවෙකු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 85 ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 61 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 52 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 4ක් දවා ගත් අතර, මිචෙල් ස්වෙප්සන් කඩුලු 3 ක් බිද හෙලුවා. නේදන් ලයන් කඩුලු 2ක් දවා ගනිද්දී පැට් කමින්ස් එක් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 364ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...