බ්‍රේස්වෙල්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ අයර්ලන්තයට තියුණු පරාජයක්

Date:

මයිකල් බ්‍රේස්වෙල් වාර්තා කළ නොදැවුණු වේගවත් ශතකය හේතුවෙන් අයර්ලන්තය සමග Dublin හි පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 301 ක ඉලක්කයක් හමා ගිය නවසීලන්තය කඩුලු 9ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි.

නවසීලන්ත ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 217 දී බිද වැටුණු පසුබිමකයි ඔවුන් මෙම ජයග්‍රහනය වාර්තා කළේ.

අනතුරුව 9 වැනි කඩුල්ල සදහා පන්දු 38 කින් ලකුණු 64 ක සබදතාවයක් ගොඩ නැගීමට බ්‍රේස්වෙල් හා ලොකී ෆර්ගසන් සමත් වුණා. ෆර්ගසන් රැස් කළේ ලකුණු 8ක් පමණයි.

ඔහුගේ දැවී යාම සිදු වන අවස්ථාවේ දී තරගය ජය ගැනීම සදහා නවසීලන්තය අවසන් පන්දු 6 තුළ ලකුණු 20 ක් ලබා ගත යුතුව තිබූ අතර, මයිකල් බ්‍රේස්වෙල් පන්දු 5ක් පමණක් වැය කර ලකුණු 24 ක් වාර්තා කරමින් නවසීලන්තයට සුපිරි ජයග්‍රහනයක් වාර්තා කර දුන්නා. ඒ, ක්‍රෙයිග් යන්ග් යොමු කළ අවසන් පන්දුවාරයේ දී පළමු පන්දු පහට පිළිවෙලින් 4, 4, 6, 4, 6 ක් වාර්තා කරමින්.

බ්‍රේස්වෙල් පන්දු 82 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 127 ක්. ඔහුගේ ඉනිම හයේ පහර 7කින් හා හතරේ පහර 10 කින් වර්ණවත් වුණා.

මාර්ටින් ගප්ටිල් ද ලකුණු 51 ක් ලබා ගනිමින් නවසීලන්ත මුල් පෙල ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී කර්ටිස් කැම්පර් ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 300ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

Harry Tector ලකුණු 113ක් රැස් කරමින් අයර්ලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන්, Blair Tickner හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...