Update : ඔස්ට්‍රේලියාවෙන් දෙවැනි ටෙස්ට් තරගයට සාර්ථක ආරම්භයක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 99ක්.

නොදැවී පන්දුවට පහර දෙන මර්නස් ලබුෂේන් ලකුණු 42ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 13ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ලබුෂේන් ලකුණු 28ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසු කර ගනිමින් දවා ගැනීමට ලද අවස්ථාවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී ගියා. ඔහු අතින් මෙම ටෙස්ට් තරගාවලියේ දී මේ වන විට ස්ටම්ප් කිරීමේ අවස්ථා 3ක් ගිලිහී ගොස් තිබෙනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 5කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වූ අතර, උස්මාන් කවාජා ලකුණු 37 කට දැවී ගියා. ඒ, රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 4ක් සිදු කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, කමිදු මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...