Watch : ජයසූරියගේ පන්දුවකට ට්‍රැවිස් හෙඩ් දැවී ගිය හැටි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට පැවැත්වෙනවා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් මේ වන විට ශතක දෙකක් වාර්තා වී තිබෙනවා.

මර්නස් ලබුෂේන් ලකුණු 104ක් රැස් කිරීමට සමත් වූ අතර, ස්ටීවන් ස්මිත් ද සිය 28 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ ප්‍රභාත් ජයසූරියගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමිනුයි මර්නස් ලබුෂේන් දැවී ගියේ.

ප්‍රභාත් යොමු කළ පන්දුවක් හමුවේ ම ට්‍රැවිස් හෙඩ් ද දැවී ගියා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ට්‍රැවිස් හෙඩ් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12ක්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...