Watch : වෝනර් දවා ගැනීමට රාජිත යොමු කළ සුපිරි පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (8) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 4ක් සිදු කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, කමිදු මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 15 ක් ලෙස සටහන්ව තිබියදී බිද වැටුණා.

ඒ, ඩේවිඩ් වෝනර් ලකුණු 5 කට දැවී යාමත් සමගයි.

අසිත ප්‍රනාන්දුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් ඔහු වෙනුවට මෙම තරගය සදහා කැදවූ කසුන් රාජිත විසින් එම කඩුල්ල දවා ගත්තා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි වෝනර්ට සිය කඩුල්ල අහිමි වුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...