ඔස්ට්‍රේලියාව පිතිකරණය තෝරද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිදෙනෙකුට ටෙස්ට් වරම්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව මහීෂ් තීක්ෂණ, කමිදු මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තා.

පළමු තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින්ට අද තරගය අහිමි වුණේ ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන්.

පළමු ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට අසමත් වූ ලසිත් ඇඹුල්දෙණිය ද සංචිතයෙන් නිදහස්  කිරීමට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.

අද තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ක්‍රීඩකයින් තිදෙනාට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද යළි කණ්ඩායමට කැදවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :
Pathum Nissanka, Dimuth Karunaratne(c), Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Kamindu Mendis, Niroshan Dickwella(w), Ramesh Mendis, Maheesh Theekshana, Prabath Jayasuriya, Kasun Rajitha

Australia XI :
David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steven Smith, Travis Head, Cameron Green, Alex Carey(w), Pat Cummins(c), Mitchell Starc, Nathan Lyon, Mitchell Swepson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...