පළමු 20යි 20න් ඉන්දියාවට ලකුණු 50ක දැවැන්ත ජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් එංගලන්ත කණ්ඩායම තරග වදින තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මෙරට වේලාවෙන් ඊයේ (07) රාත්‍රී 10.30 ට ආරම්භ වුණා.

සවුත්හැම්ටන් හි The Rose Bowl ක්‍රීඩා පිටියේ පැවති පළමු තරගයෙන් ලකුණු 50 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුණේ ඉන්දිය කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක රෝහිට් ෂර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

එම තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් බිඳ වැටී ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායමට ලකුණු 199 ක දැවැන්ත ඉලක්කයක් ලබාදීමට සමත්වුණා.

සාර්ථක ඉනිමක් දියත් කළ හර්ඩික් පාන්ඩ්යා පන්දු 33 කින් ලකුණු 51 ක් රැස්කළා. ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වාර්තා කළ මංගල අර්ධ ශතකය මෙයයි. ඔහුගේ ඉනිම හයේ පහරකින් හා හතරේ පහර 6කින් වර්ණවත් වුණා.

සූර්යකුමාර් යාදව් පන්දු 19 කින් ලකුණු 39 ක් වාර්තා කළා. දීපක් හූදා ලකුණු 33(17) ක් ලබාගත් අතර නායක රෝහිට් ෂර්මාට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 24(14) ක් පමණයි.

ඉෂාන් කිෂන් ලකුණු 8(10) කටත්, දිනේෂ් කාර්තික් ලකුණු 11(7) කටත් දැවී ගියා. අකසාර් පටෙල් ලකුණු 17(12)යි.

පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩන් සහ මෝයින් අලී අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. රීස් ටොප්ලී, ටිමාල් මිල්ස් හා මැතිව් පාකින්සන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ලකුණු 199 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

එංගලන්තයේ නිත්‍ය නායකයා ලෙස සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ජොස් බට්ලර් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට බුවනේශ්වර් කුමාර් සමත්වුණා.

ජේසන් රෝයි ලකුණු 4(16) කටත්, ඩේවිඩ් මලාන් ලකුණු 21(14) කටත්, හැරි බෲක් ලකුණු 28(23) කටත් දැවී ගියා.

ප්‍රවේගකාමී පිතිකරුවෙකු ලෙස නම් දැරූ ලියම් ලිවින්ග්ස්ටන්ට කිසිදු ලකුණක් රැස් කිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

යම් සටන්කාමි ඉනිමක නිරත වූ මෝයීන් අලී ලකුණු 36(20) ක් ලබා සිටියදී දවා ගැනීමට යුස්වේන්ද්‍ර චෙහල් සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඇතුළත්.

සෑම් කරන් ලකුණු 4 යි. ක්‍රිස් ජෝර්ඩන් පන්දු 17කින් නොදැවී ලකුණු 26 ක් ලබා ගත්තා.

ඒ අනුව පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 148 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හර්ඩික් පාන්ඩ්යා ලකුණු 33 කට කඩුලු 4 ක් බිඳ හෙලුවා.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ අ‍ර්ශ්දීප් සිං සහ යුස්වේන්ද්‍ර චෙහල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. බුවනේශ්වර් කුමාර් හා හර්ෂාල් පටෙල් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ හර්ඩික් පාන්ඩ්යා.

දෙරට අතර පැවැත්වෙන දෙවන 20යි 20 තරගය හෙට (9) මෙරට වේලාවෙන් පස්වරු 7 ට බර්මිංහැම් හී දි ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...