යුපුන් අඹේකෝන්ට වසර දෙකක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

Date:

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් (රුපියල් කෝටි 72) පරිත්‍යාග කිරීම අද(7) සිදු කෙරුණා.

ඒ අනුව ළමයින් සඳහා අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ‘රිජ්වේ ආර්යා ළමා රෝහලට’ ඩොලර් මිලියනයක් පරිත්‍යාග කෙරුණු අතර, අනෙක් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදල පරිත්‍යාග කෙරුණේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් “ජාතික පිළිකා රෝහල” වෙතයි.

මේ අතර, පොදු රාජ්‍ය මණඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද රුපියල් මිලියන 22.5 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

එමෙන්ම ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 100 ක මුදලක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද ලබා දුන්නා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා.

“ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් යුපුන් අඹේකෝන් සොහොයුරාට වසරකට ඇමරිකානු ඩොලර් 50,000 බැගින් වසර දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වූ බව නිළ වශයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක්.” යනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙහිදී සදහන් කළා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට පමණක් නොවෙයි රටේ සෑම අංශයකටම ආදර්ශයක් වී තිබෙනවා ස්ව උත්සාහයෙන් නැගී සිටින්නේ කෙසේද, අන්‍යන්ට සහයෝගය දක්වන්නේ කෙසේද යනුවෙන්.”

“අපේ ක්‍රීඩා අරමුදල සඳහා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැකබලා ගැනීමට රුපියල් මිලියන 100 ක් පරිත්‍යාග කළා. මේ අරමුදල හරහා යුපුන් අබේකෝන් වගේ මහත්වරු තව තව මේ රටින් බිහි කරන්න අපිට හැකියාව ලැබෙයි. සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවට පස්සේ අපිට නැවත හොද අවස්ථාවක් උදා වී තිබෙනවා ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවක් තියාගන්න.”

“ක්‍රිකට් ක්‍රීඩාව තුළ 1996 ලෝක කුසලානය මෙන්ම 2014 පන්දුවාර 20 ලෝක කුසලානය ජය ගත් අපි ලොකු පසුබෑමකට ලක් වූවා. අපේ බලාපොරොත්තු බොද වූ යුගයක් අපි පසු කළා.”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම්ගතව ක්‍රිකට් ක්‍රීඩාවට නැවත ජීවය ලබා දී ජයග්‍රාහී මාවතට ගෙන ආවා. ලංකා ප්‍රිමියර් ලීග් තරඟ මාලාව සාර්ථකව පැවැත්වූවා. අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන ගණනක ආදායමක් සහිත ආයතනයක්.”

මෙම අවස්ථාව සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිළධාරී ඇෂ්ලී ද සිල්වා, උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද යන මහත්වරුන් සහභාගී වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...