ශ්‍රී ලංකාවට තරග 3-0 ක පරාජයක්

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 39ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 255ක් ලබා ගත්තා.

Harmanpreet Kaur ලකුණු 75ක්, Pooja Vastrakar නොදැවී ලකුණු 56 ක් හා Shafali Verma ලකුණු 49ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර, රෂ්මි සිල්වා හා චමරි අතපත්තු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 47.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 216ක් පමණයි.

නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 48ක් රැස් කළ අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 44කට දැවී ගියා. හසිනි පෙරේරා ලකුණු 39යි.

පන්දු යැවීමේ දී Rajeshwari Gayakwad කඩුලු 3ක් දවා ගත් අතර, Meghna Singh හා Pooja Vastrakar කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය ද තරග 2-1ක් ලෙස ජය ගත්තේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...