දිවයිනට පැමිණි පාකිස්තාන සංචිතයට සම්බන්ධ සාමාජිකයෙකුට කොරෝනා

Date:

දිවයිනට පැමිණි පාකිස්තාන ටෙස්ට් සංචිතය සමග රැදී සිටින සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

දිවයිනට පැමිණි අවස්ථාවේ දී සිදු කෙරුණු  රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී යි ඒ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ඔහුට දින 5ක කාලයක් හුදෙකලා වී සිටීමට සිදුවනු ඇති.

දින පහක කාලයෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකින් ඔහුගේ ශරීරය තුළ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වුවහොත්, ඉන් අනතුරුව ඔහුට හුදෙකලා බවින් නිදහස් වීමට හැකි වනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරිම සදහා පාකිස්තාන සංචිතය ඊයේ (06) රාත්‍රී කාලයේදී දිවයිනට පැමිණියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...