දෙවැනි ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රබල වෙනස්කමක් සිදු වන ලකුණු

Date:

ශ්‍රී ලංකාව සමග හෙට(8) ගාල්ලේ දී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම සදහා තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් කැදවීම සම්බන්යෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අවධානය යොමුව තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් වෙනුවට ඔහුව කණ්ඩායමට කැදවීමටයි අවධානය යොමු කර ඇත්තේ.

පළමු ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියාව ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගත්තා. එනම්, නායක පැට් කමින්ස් හා මිචෙල් ස්ටක්.

ප්‍රධාන දග පන්දු යවන්නන් ලෙස නේදන් ලයන් සමගින් ක්‍රීඩා කළේ මිචෙල් ස්වෙප්සන්.

ට්‍රැවිස් හෙඩ් අමතර දග පන්දු යවන්නෙකු ලෙස යොදා ගැනීමට ද ඔස්ට්‍රේලියාව කටයුතු කළා.

හෙඩ් දෙවැනි ඉනිමේ දී ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් කිසිවෙකු නොසිතූ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ඔස්ට්‍රේලියාව ලැබූ කඩුලු 10ක විශිෂ්ඨ ජයග්‍රහනය සදහා දායකත්වය ලබා දුන්නා.

අද පැවැති මාධ්‍ය හමුවකදී නායක පැට් කමින්ස් සදහන් කළේ පළමු ටෙස්ට් තරගයේ දී වේග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගැනීම එතරම් ප්‍රයෝජනවත් නොවූ බවයි.

ඒ අනුව අංක 8 පිතිකරු ලෙස දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් ග්ලේන් මැක්ස්වෙල් යොදා ගැනීමටයි ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව ඇත්තේ.

ග්ලේන් මැක්ස්වෙල් හා මිචෙල් ස්ටක් යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු කණ්ඩායමට නම් කිරීම සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ දී තීරණය කරන බව පැට් කමින්ස් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...