ශ්‍රී ලංකාවෙන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ; අදත් කොවිඩ් පරීක්ෂාවක්

Date:

ඔස්ට්‍රේලියාව සමග හෙට(8) ගාල්ලේ දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වන විට නම් කර ඇති බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා.

කෙසේ වෙතත්, තරගය සදහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනා සම්බන්ධයෙන් අද දිනයේ දී තීරණය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. එනම්, පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු, ධනංජය  ද සිල්වා හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින්ට මෙන්ම සංචිතයට ඇතුළත්ව සිටි ප්‍රවීන් ජයවික්‍රමටයි. පළමු ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 ආසාදනය වූ ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනවා.

ඇතැම් ක්‍රීඩකයින්ට මේ වන විට යම් යම් රෝග ලක්ෂණ ඇති නමුත්, ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ද ශ්‍රී ලංකා නායකයා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා.

අද දිනයේ දී සංචිතයේ සියලු ක්‍රීඩකයින් යළිත් රැපිඩ් ඇන්ටිජන් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව සිටිනවා.

එහි ප්‍රතිපල පිළිබදව ද අවධානය යොමු කර අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සිදු වනු ඇති බවයි දිමුත් සදහන් කළේ.

පවතින තත්ත්වය අනුව හෙට තරගයේ දී බොහෝ විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ටෙස්ට් වරම් හිමි වීමට ද ඉඩ පවතිනවා.

රමේෂ් මෙන්ඩිස් සමග මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කිරීමට ඉඩ පවතින බවයි දිමුත් කරුණාරන්ත ඉගි පල කර සිටියේ.

දුනිත් වෙල්ලාලගේ හෝ ප්‍රභාත් ජයසූරිය තෙවැනි දග පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කරනු ඇති.

ලක්ෂාන් සදකැන් ද 13 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයට ඇතුළත්.

ධනංජය ද සිල්වා වෙනුවට බොහෝ විට කමිදු මෙන්ඩිස්ට හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වනු ඇති බවයි ශ්‍රී ලංකා නායකයා පෙන්වා දුන්නේ.

ඕෂද ප්‍රනාන්දු ද සංචිතයේ රැදී සිටින බැවින් ධනංජය ද සිල්වා වෙනුවට ඔහු ද කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...