තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයික් තිදෙනෙකුට කොරෝනා

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ රැදී සිටින තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඊයේ(6) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදීයි ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇත්තේ.

පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු, ධනංජය  ද සිල්වා හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින්ට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මීට පෙර ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් 19 ආසාදනය වූ අතර, ඒ අනුව මෙම ක්‍රීඩකයින් සිව්දෙනාම වෙනත් හෝටලයක් වෙත මාරු කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

ඔවුන් සිව්දෙනාම හුදෙකලා කිරීමකට ලක් කර ඇති බැවින් හෙට(8) ගාල්ලේ දී ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අස්ථාව ඔවුන්ට අහිමි වනවා.

සෙසු සියලු සාමාජිකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 ආසාදනය වූ ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනවා.

මේ අතර, ශ්‍රී ලංකා සංචිතය සදහා ලක්ෂාන් සදකැන් කැදවීමට ද ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පළමු ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා තීරණය කළා.

අනතුරුව මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ, දුනිත් වෙල්ලාලගේ හා ප්‍රභාත් ජයසූරිය යන ක්‍රීඩකයින් සංචිතයට කැදවීමටයි පියවර ගැණුනේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...