නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(6) ප්‍රකාශයට පත් කළා

ඊට අනුව එහි පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 11කින් ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහි අවසන් ටෙස්ට් තරගයේ දී ශතක දෙකක් වාර්තා කරමින් පිත්තෙන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග තුනේ දී ශතක 4ක් වාර්තා කිරීමට බෙයාර්ස්ටව් සමත් වීම විශේෂත්වයක්.

මේ අතර, ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එංගලන්තයට එරෙහි අවසන් ටෙස්ට් තරගයේ දී ඔහු පළමු ඉනිමේ දී ලකුණු 146 ක් ද, දෙවැනි ඉනිමේ දී ලකුණු 57 ක් ද වාර්තා කිරීමට සමත් වුණා.

එම ටෙස්ට් තරගයේ දී ලකුණු 11ක් හා 20 ක් ලබා ගත් විරාට් කෝලි 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් පසුබැස තිබෙනවා.

මේ වන විට ශ්‍රේණිගත ලකුණු 923ක් සමගින් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේ එංගලන්තයේ ජෝ රූට්.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 9ක් දවා ගත් ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් ටෙස්ට් පන්දු යවන්නන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...