අගාර්වල් ටෙස්ට් සංචිතයට කැදවයි

Date:

ආරම්භක පිතිකරු මයාන්ක් අගාර්වල් එංගලන්තයට එරෙහි ඉන්දීය ටෙස්ට් සංචිතයට කැදවීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, නායක රෝහිට් ෂර්මා මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී සිටීම හේතුවෙන්.

ෂර්මා මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති අතර, ජූලි පළමු වැනිදා බර්මිංහැම් හි Edgbaston ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන ටෙස්ට් තරගය සදහා ඔහුගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

එමෙන්ම මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු වනු ඇත්ද යන්න පිළිබදව ද ඉන්දියාව මෙතෙක් නිවේදනය කර නැහැ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ වන විටත් ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ගේ සේවය ද ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට අහිමි වී තිබෙනවා.

මයාන්ක් අගාර්වල් සංචිතයට නම් කර ඇත්තේ මෙවැනි පසුබිමක් තුළයි.

අගාර්වල් ශ්‍රී ලංකාව සමග මාර්තු මාසයේ පැවැති ටෙස්ට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කළ නමුත්, එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා මීට පෙර ඔහුව නම් කර තිබුණේ නැහැ.

ඉන්දීය කණ්ඩායම පසුගිය වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වූ අතර, එහිදී දෙරට අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් පැවැත්වීමට හැකි වූයේ ඉන් තරග 4ක් පමණයි.

තරග 4ක් අවසන් වන විට ඉන්දියාව තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටි අතර, පැවැත්වීමට නොහැකි වූ අවසන් ටෙස්ට් තරගයයි එළඹෙන ජූලි පළමු වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...