බංග්ලාදේශය ඉනිමක පරාජයක් අභියස

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(27) අලුයම නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය කොදෙව්වන් වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.

නජ්මුල් හොසේන් ලකුණු 42කට දැවී ගිය අතර, ලිටොන් දාස් ලකුණු 19යි. නායක ශකිබ් අල් හසාන් ලකුණු 16කට දැවී ගියා. ටමිම් ඉක්බාල් ලකුණු 4කටත්, මහ්මුදුල් හසාන් ලකුණු 13කටත්, අනමුල් හක් ලකුණු 4කටත් දවා ගැනීමට කොදෙව්වන් සමත් වුණා. නුරුල් හසාන් නොදැවී ලකුණු 16යි.

පන්දු යැවීමේ දී කෙමා රෝච් කඩුලු 3ක් ද, අල්සාරි ජෝසප් කඩුලු 2ක් ද, ජෙයිඩ්න් සීල්ස් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට ඉනිමක පරාජයෙන් ගැලවීමටනම් තවත් ලකුණු 42ක් ලබා ගත යුතුයි.

ශාන්ත ලුසියා හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 234ක්. ලිටොන් දාස් ලකුණු 53ක් හා ටමිම් ඉක්බාල් ලකුණු 46ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජෙයිඩන් සීල්ස් හා අල්සාරි ජෝසප් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 408ක් ලබා ගත්තා.

ඒ, ක්යල් මේයර්ස් රැස් කළ ලකුණු 146 න් ශක්තිමත් වෙමින්. නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 51ක් ද ජෝන් කැම්ප්බෙල් ලකුණු 45ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී කලෙඩ් අහ්මඩ් කඩුලු 5ක් දවා ගත් අතර, මෙහිදි හසාන් මිරාස් කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...