ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (27) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

ශ්‍රී ලංකාව අද ලැබූ තරග ජයග්‍රහනය ඉතිහාසගත වුණේ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව මෙරට දී වාර්තා කළ පළමු 20යි 20 තරග ජය ලෙසයි.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් ලබා ගනිමින්.

Smriti Mandhana හා Sabbhineni Meghana ලකුණු 22 බැගින් ලබා ගත්තා.

නායිකා Harmanpreet Kaur නොදැවී ලකුණු 39යි. Jemimah Rodrigues ලකුණු 33ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුගන්දිකා කුමාරි, අමා කාංචනා, ඕෂදී රණසිංහ හා ඉනෝකා රණවීර කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු 5කට දැවී ගියා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 13යි.

නිලක්ෂි ද සිල්වා ලකුණු 30(28)ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු වුණා. කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 7යි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 48කින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා.හයේ පහරක් හා හතරේ පහර 14ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

මෙම ජයග්‍රහනයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දියාව සමග ක්‍රීඩා කළ 20යි 20 තරග 12 ම පරාජයට පත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...