ලෝක ශූර මෝර්ගන්ගේ ජාත්‍යන්තර ඉනිම අවසන්

Date:

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් නායකත්වයෙන් ඉවත්වීමට  තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද සමු ගැනීමට අවධානය යොමු කර ඇති බවයි එම මාධ්‍ය වර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කර නැහැ.

2014 වසරේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් වූ ඔහු මේ වන විට වසර 7කට වැඩි කාලයක් එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා.

2019 වසරේ දී පළමු වරට එංගලන්තය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක ජය හිමි කර ගන්නා අවස්ථාවේ දී ඒ සඳහා නායකත්වය ලබා දුන්නේ ද මෝර්ගන් විසින්.

ඔහු මෙම සතියේ දී නායකත්වයෙන් ඉවත් වීම නිවේදනය කරනු ඇති බවත්, ඒ අනුව කණ්ඩායමේ නව නායකයා ලෙස ජොස් බට්ලර් පත් කිරීමට නියමිතව ඇති බවත් සඳහන්.

35 හැවිරිදි මෝර්ගන් මේ වන විට සිය සුපුරුදු දක්ෂතා අතර රැඳී නොසිටින අතර, සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද ඔහු දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණ දී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...