කමිල් මිෂාරට වසරක තරග තහනමක් පැනවෙන ලකුණු

Date:

ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිෂාරට වසරක තරග තහනමක් පැනවීමට ඉඩ ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ, නිමා වූ බංගලාදේශ තරග සංචාරය අතරතුරදී සිය සංචාරක කොන්ත්‍රාත්තුවේ අඩංගු “ක්‍රීඩකයාගේ හැසිරීම/චර්යාව පාලනය කරන නීති” උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධිය හේතුවෙන්.

තරග දෙකකින් යුත් එම ටෙස්ට් තරග සංචාරය අතරතුර දී ඔහු පිටස්තර පුද්ගලයකු සිය හෝටල් කාමරය වෙත ගෙන්වා ගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව ඔහුව තරග සංචාරය අතරතුර දීම වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනට කැදවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ තිබූ සීසීටීවී දර්ශනවලින් ද මෙම සිද්ධිය තහවුරු වී තිබෙනවා.

එමෙන්ම 21 හැවිරිදි කමිල් මිෂාර විසින් සිය වරද පිළිගෙන ඇති බවයි ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු නොවනු ඇති.

ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඔහුට ලබා දෙන දඩුවම අවසන් වශයෙන් තීරණය කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...