කමිල් මිෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ශ්‍රී ලංකාවට කැදවයි

Date:

බංග්ලාදේශ තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා සංචිතය සමග රැදී සිටින මුල් පෙල පිතිකරුවෙකු වන කමිල් මිෂාර යළි ශ්‍රී ලංකාවට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු සිය සංචාරක කොන්ත්‍රාත්තුවේ අඩංගු “ක්‍රීඩකයාගේ හැසිරීම/චර්යාව පාලනය කරන නීති” උල්ලංඝනය කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනට කැදවීමට පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

පුළුල් විමර්ශනයකින් පසුව කමිල් මිෂාර සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

බංග්ලාදේශ බළධාරීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව ක්‍රිකට් ආයතනය ඔහුව මෙලෙස දිවයිනට කැදවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධියක් මීට හේතු වී ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...