රහීම්ගේ සටන්කාමී ඉනිම හමුවේ බංග්ලාදේශය 350ත් පනියි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි(24).

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගය දිවා ආහාරය සදහා නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 361ක්.

අද දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා. මුෂ්ෆිකර් රහීම් හා ලිටොන් දාස් අතර 6 වැනි කඩුල්ලට ලකුණු 253ක නොබිදුණු සබදතාවයක් ඒ වන විට ගොඩ නැගී තිබූ අතර, එම සබදතාවය බිද දැමීමට අද දිනයේ දී කසුන් රාජිත සමත් වුණා.

ඒ, ලිටොන් දාස් ලකුණු 141කට දවා ගනිමින්. පන්දු 246කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 16ක් ඇතුළත්.

ඔහු දැවී යන අවස්ථාව වන විට රහීම් හා දාස් අතර ගොඩ නැගී තිබූ සබතාවය ලකුණු 272ක්.

එම කඩුල්ල දවා ගැනීමෙන් පසුව කසුන් රාජිත විසින් අදාළ පන්දුවාරයේ දී ම මොසඩැක් හොසේන්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා.

හොසේන්ගේ කඩුල්ලත් සමග රාජිත සිය ටෙස්ට් දිවියේ බිද හෙලූ පළමු කඩුලු පහේ අවස්ථාව සනිටුහන් කිරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, අනතුරුව රහීම් හා ටයිජුල් ඉස්ලාම් අතර 8 වැනි කඩුල්ල සදහා ලකුණු 49ක සබදතාවයක් ගොඩ නැගුණා.

ටයිජුල් ලකුණු 15කටත්, කලෙඩ් අහ්මඩ් ලකුණු ලබා ගැනීමට පෙරත් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.

මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 171ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු 339කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 62කට කඩුලු 5ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු 93කට කඩුලු 4ක් ද බිද හෙලීමට සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...