බංග්ලාදේශයේ 365ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි(24).

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගය තේ පානය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 84ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඕෂද ප්‍රනාන්දු ලකුණු 52 ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 31 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 361ක්.

ඔවුන්ගේ ඉනිම ලකුණු 365කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 175ක් ද, ලිටොන් දාස් ලකුණු 141ක් ද රැස් කරමින් බංග්ලාදේශ ඉනිම අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

ඒ, ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 24ක් තුළ බිද වැටී තිබූ පසුබිමකයි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 64කට කඩුලු 5ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු 93කට කඩුලු 4ක් ද බිද හෙලුවා.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස එබඩොට් හොසේන් දුවද්දී දැවී යාමකට හසු වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 281ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...