IPL 2022 : අවසන් වටයේ තරග අදින් ඇරඹේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) තරග අද(24) ආරම්භ වනවා.

ඒ අනුව අවසන් වටය යටතේ පැවැත්වෙන පළමු තරගය (QUALIFIER 1) අද පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකේ රැදී සිටි ගුජරාට් ටයිටන්ස් හා රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් අතරයි.

එම තරගය රාත්‍රී 7.30ට කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය (ELIMINATOR) පැවැත්වෙන්නේ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් හා වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතරයි.

එම තරගය හෙට (25) රාත්‍රී 7.30ට කොල්කටා හී දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පැවැත්වෙන අවසන් වටයේ පළමු තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර, එම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම එළඹෙන 27 වැනිදා අහ්මදාබාද් හී දී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය (QUALIFIER 2) සදහා සුදුසුකම් ලබනවා.

අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම වන්නේ අවසන් වටයේ දෙවැනි තරගය ජය ගන්නා කණ්ඩායමයි.

අවසන් වටයේ තෙවැනි තරගයෙන් ජයග්‍රහනය කරන කණ්ඩායම පළමු තරගයෙන් ජය ගත් කණ්ඩායමට එරෙහිව එළඹෙන 29 වැනිදා අහ්මදාබාද් හී දී රාත්‍රී 8ට ඇරඹෙන අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...