නවසීලන්තය ලකුණු 137 ක් ඉදිරියෙන්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස් හී Headingley ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (25) රාත්‍රියේ අවසන් වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා සිටියා.

ටොම් ලේතම් ලකුණු 76 ක් රැස් කළ අතර, නායක කේන් විලියම්සන් ලකුණු 48යි. විල් යන්ග් ලකුණු 8කටත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 11 කටත්, හෙන්රි නිකල්ස් ලකුණු 7 කටත් දැවී ගියා.

ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 4ක් හා ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 5ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මැතිව් පොට්ස් කඩුලු 2ක් බිද හෙලූ අතර, ජැක් ලීච්, ජෙමී ඕවර්ටන් හා ජෝ රූට් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තෙවැනි දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 264ක්. ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 360ක් ලබා ගත්තා.

ඒ, එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 55 දී බිද වැටුණු පසුබිමකයි. අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ජොනී බෙයාර්ස්ටව් සමග පිටියේ එක් වූ ජෙමී ඕවර්ටන් ලකුණු 241 (274) ක සබදතාවයක් ගොඩ නගමින් එංගලන්ත කණ්ඩායම යළි සටනට අවතීර්ණ කළා.

බෙයාර්ස්ටව් ලකුණු 162ක් ලබා ගත්තේ පන්දු 157කින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 24ක් ඇතුළත්.

සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඕවර්ටන් ලකුණු 97ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු 136ක් වැය කරමින් ඔහු වාර්තා කළ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් ඇතුළත්. ස්ටුවට් බ්‍රෝඩ් ද ලකුණු 42ක් ලබා ගනිමින් එංගලන්ත පසුපෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් ද, ටිම් සවුති කඩුලු 3ක් ද, නෙයිල් වෑග්නර් කඩුලු 2ක් ද දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 329ක්. ඩැරල් මිචෙල් සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 109ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජැක් ලීච් ලකුණු 100කට කඩුලු 5ක් බිද හෙලුවා.

ඒ අනුව නවසීලන්තය මේ වන විට සිය දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 137 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...