“අපිට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාර, ආදරය අදහගන්නත් බැරි තරම්” : ෆින්ච්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පස්වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු තරග 4 අවසන් වන විටම ශ්‍රී ලංකාව තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ තරග 3-1ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පැවැත්වීම පිළිබද දැඩි ගැටලුකාරී වාතාවරණයක් පැන නැගී තිබුණේ මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්.

කෙසේ වෙතත්, ගැටලු රැසක් මැද ශ්‍රී ලංකා තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළ අතර, අනතුරුව මෙරටට මූල්‍යමය ආධාර ලබා දෙන වැඩසටහන් සදහා ද සම්බන්ධ වෙමින් ලොව පුරා ජනතාව දැනුවත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කටයුතු කරනු දක්නට ලැබුණා.

එවැනි පසුබිමක් යටතේ ඊට ස්තූතිය පුද කිරීමේ අරමුණින් කහ වර්ණයෙන් යුත් ඇදුම්වලින් සැරසී අද තරගය නැරඹීම සදහා පැමිණීමට ඇතැම් ප්‍රේක්ෂකයින් කටයුතු කර ඇති බව දක්නට ලැබෙවා.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් මාධ්‍ය වෙත අදහස් පල කළා.

“ඕනෑම අවස්ථාවක අපි මෙහෙ සංචාරය කරන කොට, අපිට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාර, ආදරය අදහගන්නත් බැරි තරම්. ඔවුන් කහ පාට ඇදගෙන ආවොත් ඒක ගොඩක් හොද දෙයක් වේවි.” යනුවෙන් ඔහු කියා සිටියා.

“නමුත් එය තවදුරටත් දැඩි සටනක් තියෙන තරගයක් වේවි ක්‍රීඩාංගනයේ දී. මම හිතන්නේ යථාර්තය තමයි මේ තරගාවලියේ දී ඔවුන් අපිව අභිබවා ගිහිං තියෙනවා. ඔවුන් ඉතාමත් විශිෂ්ඨ කණ්ඩායමක්, ඒ වගේම අනර්ඝ ප්‍රදේශයක් සංචාරය කරන්න.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...