කඩුලු පහෙන් පසු මිචෙල් හා බ්ලන්ඩල් නවසීලන්ත ඉනිම ස්ථාවර කරයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් ඊයේ (23) රාත්‍රියේ අවසන් වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුළු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 225 ක්.

ඒ, ඉනිමේ පස්වැනි කඩුල්ල ලකුණු 123 දී බිඳ වැටුණු පසුබිමකයි.

ටොම් ලේතම් ලකුණු නොලබා සිටිය දී තරගයේ පලමු පන්දුවාරයේදීම දවා ගැනීමට ස්ටුවට් බ්‍රෝඩ් සමත් වුණා.

විල් යන්ග් ලකුණු 20යි. නායක කේන් විලියම්සන් ලකුණු 31 ක් රැස් කළ අතර, ඩෙවෝන් කොන්වේ ලකුණු 26 කට දැවී ගියා. හෙන්රි නිකල්ස් ලකුණු 19 යි.

අනතුරුව 6 වැනි කඩුල්ල සඳහා මේ වන විට ඩැරල් මිචෙල් හා ටොම් බ්ලන්ඩල් ගොඩනඟා ඇති නොබිදුණු සබඳතාවය ලකුණු 102ක්.

මිචෙල් ඊයේ වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 5 වැනි අර්ධ ශතකයයි. ඔහු නොදැවී ලකුණු 78ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

බ්ලන්ඩල් නොදැවී ලකුණු 45ක් ලබා සිටින්නේ හතරේ පහර 5ක් සමගින්.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් හා ජැක් ලීච් කඩුලු 2 බැගින් බිද හෙලුවා. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ජෙමී ඕවර්ටන් ද එක් කඩුල්ලක් දවා ගත්තා. (එහි දර්ශන පහතින්)

තරගය ලීඩ්ස් හී Headingley ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...