බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිතව ආබාධයකට ලක් වීම හේතුවෙන්.
මොහොමඩ් සයිෆුදීන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි.
පිට කොන්ද ආශ්රිත ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය අතරතුර දී ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
මේ අතර, ආබාධ්යක් හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩක යසීර් අලීට ද කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
බංග්ලාදේශ එක්දින හා 20යි 20 සංචිතයේ ක්‍රීඩකයින් 6 දෙනෙකු හෙට(24) දිනයේ දී කොදෙව් දූපත් බලා ඩකා නුවරින් පිටත්ව යාමට නියමිතයි.
තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ජූලි දෙවැනිදා ද, තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජූලි 10 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

