Watch : හෙන්රි නිකල්ස් ක්‍රිකට් ඉතිහාසයේ දුර්ලභම දැවී යාමකට හසු වූ හැටි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(23) ලීඩ්ස් හී දී ආරම්භ වුණා.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් එංගලන්තය මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

අද තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 123ක් ලබා සිටියා.

තේ පානය සදහා තරගය නතර කිරීමට පෙර යොමු කෙරුණු අවසන් පන්දුවේ දී හෙන්රි නිකල්ස් දැවී ගිය ආකාරය මේ වන විටත් ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ජැක් ලීච් යොමු කළ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 19ක්.

ඔහු දැවී යන විට අනෙක් අන්තයේ රැදී සිටියේ ඩැරල් මිචෙල්.

හෙන්රි නිකල්ස් දැවී ගියේ ඩැරල් මිචෙල් අතින් සිදූ වූ නොසිතූ අත්වැරදීමකින්.

නිකල්ස් විසින් ලීච් යොමු කළ පන්දුවට පෙරළා ඔහු දෙසටම ඩ්‍රයිව් පහරක් එල්ල කළා.

එම අවස්ථාවේ දී පන්දුව උඩ පන්දුවක් ලෙස ඇදී ආ නමුත් එය රැක ගැනීමට කිසිදු අවස්ථාවක් ජැක් ලීච්ට උදා වූයේ නැහැ.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස එම පන්දුව පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඩැරල් මිචෙල්ගේ පිත්තේ වැදුණු අතර, අනතුරුව ඉහළින්ම එය mid-off කලාපයේ පන්දු රකිමින් සිටි ඇලෙක්ස් ලීස් අතට ඇදී ගියා.

එය පහසු උඩ පන්දුවක් ලෙස එම අවස්ථාවේ දී ලීස් විසින් රැක ගනු ලැබුවා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...