ප්‍රමෝද්ට එක්දින වරම් ; ශ්‍රී ලංකාවෙන් පස්වැනි තරගයට වෙනස්කම් තුනක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 5 වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් අද දිනයේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තා.

දිනේෂ් චන්දිමාල් හා ධනුෂ්ක ගුණතිලක ද කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ල, වනිදු හසරංග හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින්.

මේ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම සදහා ආබාධයකට ලක් වූ ට්‍රැවිස් හෙඩ් වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් කැදවා තිබෙනවා. මෙය ඔහුගේ මංගල එක්දින තරගයයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal, Dasun Shanaka, Chamika Karunaratne, Dunith Wellalage, Pramod Madushan, Jeffrey Vandersay, Maheesh Theekshana

Australia XI:

David Warner, Aaron Finch, Mitchell Marsh, Josh Inglis, Marnus Labuschagne, Alex Carey, Glen Maxwell, Cameron Green, Pat Cummins, Matthew Kuhnemann, Josh Hazlewood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...