සයිෆුදීන් හා යසීර් අලී කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගවලින් ඉවතට

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිතව ආබාධයකට ලක් වීම හේතුවෙන්.

මොහොමඩ් සයිෆුදීන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය අතරතුර දී ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

මේ අතර, ආබාධ්‍යක් හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩක යසීර් අලීට ද කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

බංග්ලාදේශ එක්දින හා 20යි 20 සංචිතයේ ක්‍රීඩකයින් 6 දෙනෙකු හෙට(24) දිනයේ දී කොදෙව් දූපත් බලා ඩකා නුවරින් පිටත්ව යාමට නියමිතයි.

තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ජූලි දෙවැනිදා ද, තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජූලි 10 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...