ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට ලකුණු 367 ක ඉලක්කයක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(23) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 367 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියානු A කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 37ක් ලබා සිටියා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියානුවන් හෙට දිනයේ දී තවත් ලකුණු 330ක් ලබා ගත යුතුයි.

හම්බන්තොට පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 330ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නිපුන් ධනංජය ලකුණු 92ක්, ලහිරු උදාර ලකුණු 63ක් හා සහන් ආරච්චිගේ ලකුණු 61ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ස්කොට් බෝලන්ඩ් හා Mark Steketee කඩුලු 4 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 254ක්.

Jimmy Peirson නොදැවී ලකුණු 67යි. ලක්ෂිත මනසිංහ ලකුණු 82කට කඩුලු 5ක් බිද හෙලුවා. ඩිල්ෂාන් මදුෂංක ලකුණු 43කට දවා ගත් කඩුලු ගණන 3ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම අද දිනයේ දී සියලු දෙනා දැවී ලකුණු 290ක් ලබා ගැනීමට සමත් වුණා.

නැවතත් පිතිකරණයෙන් සාර්ථක වූ නිපුන් ධනංජය ලකුණු 77ක් ලබා ගත් අතර, සහන් ආරච්චිගේ ලකුණු 58යි. නායක කමිදු මෙන්ඩිස් ලකුණු 48කට දැවී ගියා. පන්දු යැවීමේ දී ස්කොට් බෝලන්ඩ් හා Tanveer Sangha කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...