ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට ප්‍රබලයෙකු කැදවයි

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

ඒ, ටෙස්ට් සංචිතයට ඇතුළත් ට්‍රැවිස් හෙඩ් දෙරට අතර පැවැති සිව්වැනි එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය සැලකිල්ලට ගනිමින්.

එම ආබාධය හේතුවෙන් ට්‍රැවිස් හෙඩ්ට හෙට පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

එළඹෙන 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සදහා ට්‍රැවිස් හෙඩ්ගේ සහභාගීත්වය ද මේ වන විට පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි.

ඒ හේතුවෙනුයි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය සදහා ග්ලේන් මැක්ස්වෙල් නම් කර ඇත්තේ.

මැක්ස්වෙල් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දී වීම විශේෂත්වයක්.

ඔහු මේ දක්වා ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 339ක්. ඊට එක් ශතකයක් ද ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...