ඉන්දියාව හමුවේ පළමු 20යි විස්සෙන් ශ්‍රී ලංකාව පරදියි

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, තරගාවලියේ පළමු විස්සයි 20 තරඟයෙන් ලකුණු 34ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

දඹුලු ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් වුණා.

Jemimah Rodrigues නොදැවී ලකුණු 36ක්, Shafali Verma ලකුණු 31ක් හා නායිකා Harmanpreet Kaur ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 30 කට කඩුලු තුනක් බිද හෙලුවා. ඕෂධී රණසිංහ ලකුණු 22 කට දවා ගත් කඩුලු ගණන දෙකක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසන් කිරීමට සිදුවූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 104 ක් පමණක් ලබා ගනිමින්.

නායිකා චමරි අතපත්තු ලකුණු 16කට දැවී ගියා. කවීෂා දිල්හාරී නොදැවී ලකුණු 47යි.

පන්දු යැවීමේදී Radha Yadav ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරඟය එළඹෙන 25 වැනිදා දඹුල්ලේ දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...