ඉන්දු – ශ්‍රී ලංකා තරග නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමකින් තොරව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද(23) ආරම්භ වන අතර, 20යි 20 තරගාවලියේ සියලු තරඟ දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරග ආරම්භ වන්නේ පස්වරු 2.00 ටයි.

මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලිය Dialog TV හි නාලිකා අංක 1 ඔස්සේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද නැරඹිය හැකියි.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...