Watch : ඥාති සහෝදරයාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ජේසන් රෝයි දැවී යයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(17) Amstelveen හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිතිකරණයේ නිරත වීම සදහා එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ජේසන් රෝයි හා පිල් සෝල්ට් පිටියට පිවිසියා.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 1කට සීමා වුණා.

ඒ, ආරම්භක පිතිකරු ජේසන් රෝයි එක් ලකුණකට දවා ගැනීමට Shane Snater සමත් වීම හේතුවෙන්.

ජේසන් රෝයි හා Shane Snater යනු ඥාති සහෝදරයින් දෙදෙනෙකු වීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනාගේ මව්වරුන් එකම පවුලේ සහෝදරියන් වනවා.

මැතිව් මොට් එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුව එංගලන්තය ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර එක්දින තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

එමෙන්ම නෙදර්ලන්තය හා එංගලන්තය අතර ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පැවැත්වෙන්නේ ද ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට වීම කැපී පෙනෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...