වසර 6කට පසු තිසරගේ නායකත්වයෙන් යුද හමුදා පිල අන්තර් සමාජ 20යි 20 ශූරතාවය දිනයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වසර 6කට පසුව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ලකුණු 45කින් පරාජයට පත් කරමින්.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා ගනිමින්.

සීක්කුගේ ප්‍රසන්න ලකුණු 29(20)ක්, අශාන් රන්දික ලකුණු 22(14)ක් හා යසෝද මෙන්ඩිස් ලකුණු 21(16)ක් රැස් කළා. තිසර පෙරේරාට මෙම තරගයේ දී ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා. මුදිත ලක්ෂාන් හා චමෝද් බට්ටගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් කණ්ඩායමට පන්දුවාර 18.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි.

සංගීත් කුරේ ලකුණු 39ක්, අවිශ්ක පෙරේරා ලකුණු 16ක් හා මුදිත ලක්ෂාන් ලකුණු 11ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සීක්කුගේ ප්‍රසන්න ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් අතර, ලක්ෂාන් ඉදිරිසිංහ ලකුණු 19කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...