ඔස්ට්‍රේලියානුවන් හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු සිව්දින තරගය පරදියි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සමග පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 68ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට අද(17) සිදු වුණා.

හම්බන්තොට පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී ජයග්‍රහනය සදහා ලකුණු 318ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A කණ්ඩායමට සියලු දෙනා දැවී දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 249ක් පමණයි.

සධීර සමරවික්‍රම ලකුණු 105ක් හා මිනෝද් භානුක ලකුණු 87ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට සුවිශේෂී සටනක නිරත වූ නමුත්, සෙසු පිතිකරුවන්ගෙන් ඊට සැලකිය යුතු සහායක් නොලැබීම නිසා ශ්‍රී ලංකා A කණ්ඩායමට මෙම තරගයෙන් පරාජය වීමට සිදු වුණා.

පන්දු යැවීමේ දී Tanveer Sangha කඩුලු 4ක් දවා ගත් අතර, Nathan McAndrew හා Aaron Hardie කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 379ක් ලබා ගත්තා. ජොෂ් පිලිපී ලකුණු 94ක් හා Nathan McAndrew ලකුණු 92ක් රැස් කළා. පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක කඩුලු 4ක් දවා ගත්තා.ලක්ෂිත මනසිංහ හා සුමින්ද ලක්ෂාන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 274ක්. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 86ක් හා ලහිරු උදාර ලකුණු 50ක් රැස් කළා. පන්දු යැවීමේ දී Todd Murphy කඩුලු 4ක් හා Mark Steketee කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටියදීයි.ජොෂ් පිලිපී ලකුණු 69යි. පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...