එංගලන්තය එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව යළි බිද දමයි

Date:

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ දී තරගයක් තුළ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට එංගලන්තය අද(17) සමත් වුණා.

ඒ, නෙදර්ලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී යි.

නෙදර්ලන්තයේ Amstelveen හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 498ක් ලබා ගනිමින්.

එංගලන්ත ඉනිමේ දී ශතක තුනක් වාර්තා වුණා.

එහිදී පිල් සෝල්ට් පන්දු 93කින් ලකුණු 122ක් ද, ඩාවිඩ් මලාන් පන්දු 109කින් ලකුණු 125ක් ද වාර්තා කළා.

ජොස් බට්ලර් පන්දු 70කින් නොදැවී වේගවත් ලකුණු 162ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිම හයේ පහර 14කින් වර්ණවත් වුණා.

ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 22කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 66ක්.

ආරම්භක පිතිකරු ජේසන් රෝයි එක් ලකුණකට දැවී ගිය අතර, නායක ඔයින් මෝර්ගන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

මීට පෙර ද එක්දින තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේ එංගලන්තයයි.

ඒ, 2018 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක් දැවී ලකුණු 481ක් ලබා ගනිමින්.

එම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට පෙර ද අදාළ ලෝක වාර්තාවට එංගලන්තයම හිමිකම් කියනු ලැබුවා. ඒ, 2016 වසරේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු 3ක් දැවී ලකුණු 444ක් රැස් කරමින්.

මේ අතර, අද තරගයේ දී ඩාවිඩ් මලාන් එල්ල කළ දැවැන්ත හයේ පහරකින් පසුව පන්දුව සෙවීම සදහා නෙදර්ලන්ත ක්‍රීඩකයින් ද එක් වූ අවස්ථාවක් මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

එහි දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...