Watch : කන ළගින් ගියත් බංග්ලාදේශ ස්ලිප් ක්‍රීඩකයා නොදුටු උඩ පන්දුව

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අදයි (17).

කොදෙව් දූපත්හි ඇන්ටිගුවාහී දී පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලකුණු 95ක් ලබා සිටියා.

ඒ, තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 103 ට පිළිතුරු ලෙසයි.

අද දිනයේ දී පන්දු රකිමින් සිටියදී බංග්ලාදේශය අතින් සිදු වූ අත්වැරදීමක් මේ වන විට බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

කලෙඩ් අහ්මඩ් යොමු කළ පන්දුවකට කෘෘමා බෝනර් පන්දුවට පහර දෙමින් සිටියදී යි මෙය සිදු වුණේ.

කලෙඩ් යොමු කළ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින්නා හා ස්ලිප්හි පන්දු රකිමින් සිටි නජ්මුල් හොසේන් අතරින් ඇදී ගියා.

එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට නජ්මුල්ට හැකියාවක් පැවතුණ ද ඔහු එය රැක ගැනීම සදහා කිසිදු උත්සාහයක් නොදැරීම බොහෝ දෙනෙකු මවිතයට පත් කළ සිදු වීමක්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...