ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පළමු වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට

Date:

මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් විසින් හිමි කර ගෙන තිබෙනවා.

ඒ, බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ දී පිත්තෙන් ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

මැතිව්ස් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 199ක් රැස් කළ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ඔහු ටෙස්ට් තරග දෙකෙදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 344ක්.

2021 වසරේ ජනවාරි මාසයේ දී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් හදුන්වා දීමෙන් පසුව එය හිමි කර ගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි මැතිව්ස් ඉතිහාසගත වන්නේ.

ඔහුට අමතර මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වූයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හා බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...