ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

Date:

ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මෑතකදී සිදු කළ සමේ මේද මට්ටමට අදාළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්ව ඇති බව “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබෙනවා.

භානුක රාජපක්ෂ, වනිදු හසරංග හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් මෙලෙස එම පරීක්ෂණයෙන් අසමත්ව ඇති බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

භානුකගේ මේද මට්ටම 106.2 ක අගයක් ගෙන ඇති අතර, ධනුක්ෂගේ මේද මට්ටම සටහන්ව ඇත්තේ 97.8ක අගයක් ලෙසයි. වනිදුගේ මේද මට්ටම 93.6 ක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් අසමත් වුවත්, ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව එම ක්‍රීඩකයින්ට හිමි වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට අදාළව සිදු කර ඇති නීති සංශෝදනයක් හේතුවෙන්.

මීට පෙර පැවැති නීති ප්‍රකාරව ක්‍රීඩකයෙකු මෙම පරීක්ෂණයෙන් අසමත් වුවහොත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

නමුත් නව නීති ප්‍රකාරව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වන අවස්ථාවලදී අදාළ ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් මුදලට දඩ මුදලක් නියම කිරීමට පමණක් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පරීක්ෂණයෙන් අසමත් වන පළමු අවස්ථාවේ දී 20%ක මුදලක් කපා හැරෙන අතර, දෙවැනි අවස්ථාවේ දී 40%ක් ද, තෙවැනි අවස්ථාවේ දී 60%ක් ද, සිව්වැනි අවස්ථාවේ දී 80%ක් ද කොන්ත්‍රාත් මුදලින් කපා හැරීමට කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...