වෙල්ලාලගේට හෙට එක්දින වරම් ? නායක දසුන් පිළිතුරු දෙයි

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට(14) පැවැත්වෙන පළමු තරගයේ දී යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට එක්දින වරම් හිමි වීමට වැඩි ඉඩක් ඇති බවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉගි පල කර සිටියා.

ඒ, එක්දින තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“ඔව් ඇත්තටම දග පන්දු යවන්නන් තිදෙනෙකු අපි යොදා ගන්න බලාපොරොත්තුවෙනවා. ඉතිං දුනිත් වෙල්ලාලගේට හොද අවස්ථාවක් තියෙනවා කණ්ඩායමේ ක්‍රීඩා කරන්න.” යනුවෙන් ශ්‍රී ලංකා නායකයා කියා සිටියා.

හෙට තරගය සදහා වන කණ්ඩායම මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නැතත්, පිතිකරුවන් 6 දෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ප්‍රධාන පන්දු යවන්නන් තිදෙනෙකු වශයෙන් කණ්ඩායමේ සංයුතිය සකස් වන බවයි දසුන් සදහන් කළේ.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යම් අසනීප තත්ත්වයකින් පසු වූ නමුත්, ඔහු මේ වන විට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව ශ්‍රී ලංකා නායකයා අවධාරණය කළා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය සදහා වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද පෙරවරුවේ දී නිවේදනය කෙරුණා.

Australia XI: Aaron Finch (c), David Warner, Steve Smith, Marnus Labuschagne, Marcus Stoinis, Glenn Maxwell, Alex Carey (wk), Ashton Agar, Pat Cummins, Jhye Richardson, Josh Hazlewood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...